වැහි බීරුම නිසාවෙන් හිමිදිරිය තවමත් අන්ධකාරය.තොරතෝංචියක් නොමැතිව කඩා හැලෙන මහ වැස්ස කොතෙකුත් රාජකාරීන්ට බාධාවක් වුණිද මට නම් නෙතට රසදුනකි.ඉකුත් දින සවස් වරුවේ සිටන් ඇද හැලෙන ධාරානිපාත වැස්සේ වූ සැර බිඳක් හෝ අඩුවී නැත.කෙතරම් වැඩ රාජකාරි ගොඩ ගැහී තිබුනද අහිංසකම වූ පුංචි පැතුමක් කුඩා කල හිටන් තවමත් මේ සිතේ ලැගුම් ගෙනය.
සුදු ඩෙනිම් කලිසමක් හා සුදු අත් දිග කමිසයක් ඇඳ ගත් මා තරප්පු පෙළ දිගේ පහලට බැස්සෙමි.
“කවිෂ රස්සාවට යන්නැතුව කොහෙද පුතා මේ රස්තියාදු ගහන්නේ......”
මා ඇඳන්උන් ඇඳුමින් යන්නට සැරසෙන්නේ හොර ගමනක් වග තාත්තා දැන උන්නේය.
“මං යනව මගෙ ජිවිතේ හොයාගෙන....”
දෙවරක් නොසිතාම කටින් පිටවන වචන වල කර්කශ බව මට වැටහෙන්නේ මොහොතක් ගියාට පසුවය.මේ කට නිසා ජිවිතයේ පසුතැවිලි වූ අවස්ථා එමටය.
“මෙයා දැන් ඕනවට වැඩියි...ඔයා තමා මෙයාව නරක කරන්නේ.....”
ජීවිතය සොයා පියමැන්න හැම මාවතක් ඉදිරියේ හරහට වුන් ඒ මගෙ අම්මාය.ඔවුන් සොයනා ඔවුන් පතනා වෙනස්ම වූ ලෝකයක් තුළ මගේ සතුට රැ ඳී නොමැති වග දන්නේ මා පමණකි.
“කැම්පස් ගමන නවත්තල මං පුතාව මගේ වැඩවලට හවුල් කර ගත්තේ මේවා හොඳට බලා කියා ගනීවි කියල හිතලයි....මේවා අයිති ඔයාට...අපිට ඉන්නේ ඔයා විතරයි...එත් ඔයා ඔහොම හැසිරෙන්න ගියාම මන් කොහොමද පුතා හිතේ සතුටින් මෙහෙම ගෙදරට වෙලා ඉන්නෙ....”
තාත්තා කියවාගෙන ගියේය.අපිට ඉන්නෙ ඔයා විතරයි... තාත්තා එහෙම කිවේ මට ප්රශ්නාර්ථයක් ඉතිරි කොටය.කුඩා කල පුංචි කාල සීමාවකට නතුව මා ඇසුරේ හැදී වැඩි මට ආදරයෙන් අයියා කියන්නට පුංචි නංගියෙක් උන්නා මතකය.
“ඒ ඔයාගේ නංගි නෙවී දරුවෝ ..මෙහෙ වැඩ කරපු කෙනෙක්ගේ ළමයෙක්.....”
කුඩා කල නංගි ගැන ඇසු හැම මොහොතකම අම්මා මට ඔහොම කිවා මතකය.
තාත්තාගේ වූ හැම බලාපොරොත්තුවකම මා රැඳී උන් වග මට අමතක කරන්නට බැරිය.ඒ හැම දෙයක්ම ඇත්තය.හත්මුතු පරම්පරාවකට සරිලන මහා බුදලයකට මා දැනටමත් හිමිකම් කීවෙමි.නමුදු ඒ සිනහවෙන් පිරී ගිය සමනල ලෝකය කොතැනක හෝ නැවතුනා නැවතුනාමය.යලි කිසි දිනක මුණ නොගැසුණි.එතැන් පටන් මට මුළු ලොවම මගේ කීවද පලක් නැත.
තවත් කිසිවක් නොදොඩාම ජීවිතය එක්තැන් කොට සිරකර ගත් ඒ පාළු මන්දීරයෙන් මිදුණු මා ගරාජයේ වූ මට පුරුදු රථයට නැගගත්තෙමි. ක්රමයෙන් ඇතට ඇදෙන මාවත ඔස්සේ බලා හිඳින තාත්තව මා පැති කණ්ණාඩියෙන් දැක ගත්තෙමි.
සුරාජ් හා රවී මට උන් විශ්වාසවන්තම මිතුරන් දෙදෙනාය.උන් දෙන්නත් ගමනට එක්කරගන්න හැකිනම්...මගේ සිත කිවේය.සරසවි නිවාඩුවට හා හා පුරා ගමට ආ ඔවුනට කරදර කරන්නට බැරිය.මා තනිව යන්නට තීරණය කළෙමි.
“බේබිට කවදාවත් වරදින්නේ නැහැ...ඔය හිතේ තියෙන දේවල් කියල කන්දේ විහාරයට භාරයක් වෙන්ට....”
කන්දේ විහාරයට භාරයක් වුවහොත් නිසැකයෙන්ම පැතුම් සඵල වන බව මා දැන ගත්තේ බිසෝ නැන්දාගෙනි.මෙහෙකාරියක් නොව ඇය මට මවක් සේ කුඩා කල සිටන් හැමදේම බලා කියා ගත්තාය.කන්දේ විහාරය ගැන අසා ඇතිමුත් මීට පෙර මා එහේ ගොස් නැත.
වරුසාවට හසුවූ ගුරු පාරවල් තනිකරම මඩ ගොහොරු බවට පත්ව ඇත.හද්දා පිටිසර දුර ගමනක් හුදකලාව යන පළමු දවස මෙය විය.උසස් පෙළ පන්තියේ ඉගෙන ගත් කාලයේදී මා වට කරන් උන් කොල්ලො ටික දැන් සී සී කඩය.
මා යන මඟට හරස් කොට වැටෙන කුඩා අතුරු මාවතකින් මතු වූ පාසැල් යුවතියක් හදිසියේම මේ නෙත ගැටුණි.පොත් මිටියක් ලෑමට තුරුලු කරන් හිරි පොද වැස්සේ පුංචි කුඩයක් යටින් මතුවූ ඇය ඉදිරියේ මඩ වගුරක් වූ වග මා දැක ගත්තේ අවසන් තප්පරෙය්දිය.මා ආ වේගයට රථය නවත්තා ගන්නට කාලයක් නොවුනි.හිමිදිරි පාන්දරම කොහේදෝ ඉදන් මතු වූ මේ පුංචි සමනලිය මඩින් නහවන්නට බැරිය.සිතන්නට කාලයක් නැත.රථය හරවන්නට තිබූ එකම මග වූ කුඩා පල්ලමකට සුක්කානම කරකවා හැරියෙමි.ආරක්ෂක පටි නොදමා උන් මා රැගත් රථය ප්රපාතයකට ඇද වැටෙමින් තිබුනේය.වෙනදා මට කීකරු වූ මේ රථය දැන් මේ ගෙනයන්නේ ජිවිතයේ අවසානයට බව නම් සහතිකය.
මතකය එපමණකි.මා ජිවතුන් අතර සිටින වග දැනෙන විට මටම පුදුමය.යලි පියවි සිහිය ලැබෙන විට මා උන්නේ අප්රා ණිකව ඇඳක් මත උඩුකුරුව වැතිර ගෙනය.මුළු ගතම මලානිකය.යම්තම් හෝ නමුදු සොලවන්නට හැකිනම් ඒ අත් දෙක පමණි.හතර පස් දෙනකු හා පොර බදා නැගී හිටින්නට සමත් මේ ගතේ
බල දැන් දුර්වලය.මට හැකි පමණින් වෙර යොදා දෑත් මගින් නැගී හිටින්නට මා වෙර දැරුවෙමි.
“හා....හා ...මහත්තයට නැගිටින්ට හෝඳ නැහැ....”
කොණ්ඩය ගුලියක්ව පිටු පසට බැඳ හුන් මැදිවියේ අයකු මා දෑස් ඉදිරියේ මතු විය. ඔහු ගමේ වෙදැදුරකු බව මට හැඟී ගියේය.
“මං මේ කොහේද වේද මාමේ......”
වචන කිහිපයක් අහුලා ආයාසයෙන් පිට කරන්නට වෙර දැරූ නමුදු ඒවා ලත් තැනම ලොප් වී තිබුණි.
“මහත්තයාගේ කකුල දණහිසින් පහල පැනලයි තියෙන්නෙ...හරිගස්සන්ටනම් ටිකක් ඉවසන්ට වෙයි.....”
එන පොට හරියන්නැත.මහා වේදනාවෙන් පෙළෙන මේ ගතට තවත් වේදනාවක් දරා සිටිය හැකිද....දිගු හුස්මක් ඉහලට ඇදගත් මා ඇඳ මිට්ටම වැරෙන් දෑතින් බදාගත්තෙමි. වේදනාවේ ඉවුරු බිඳ දා දෙනෙතින් පැන ආ කදුළු කැට කිහිපයක් දෙකොපුල් මත නතර වුනි
.
“මහත්තය හුඟක් ශක්තිමත්....මෙතෙන්ට උස්සන් එන හැම එකාම ගම දෙවනත් වෙන්ට කෑ ගහනව.....”
වේදනාව හාඬ නගා කියන්නට මුව ගොළු වුයේ මන්ද...අනතුරින් මොහොතකට පෙර හදිසියේම සිතුවම් කර ගත්තා වූ ඒ රුව දිලිසි දිලිසී මා අභිමුව උන්නාය. සිහින් දිගටි වූ කහ පාට බළල් ඇස් දෙකත්,පැසී ඉදුණු ගොරක මද දෙකක් වන් පුංචි තොල් පෙති යුවලත්,අතර මැදි වූ රෝස පැහැ ජම්බු ගෙඩියක් වන් ඒ නහය පොඩිත්තත් ඒ රවුම් මුහුණට ගෙන දුන්නේ අමුතුම සිරියාවකි. පසුතැවීමක් සමග මුසු වූ සෝබර හැඟීමක් ඒ දෙනෙත් වල ලියැවී තිබුණි.
ඇය මා බලන්නට ආවාවත්ද....රත් පැහැ මල් මල් ගවුමකින් සැරසී මේ ඇස් දෙස තවමත් බලා හිඳින ඒ ඇස් දෙක බිඳකට වත් සැලුනේ නැත.
“දුවේ ඔය කසාය ඉක්මනට ගත්තනම්......”
මා සිතුවා වැරදිය. අන්සතු හිත් කියවන්නට මා ලබා ගත් අධ්යාීත්මික ශක්තියක් නොමැත. ඇය වෙදකම උගනින යුවතියකි.
කුමන හෝ හැඟීමකින් මේ දෑසට බැඳ තැබූ ඒ දෑස් හදිසි තිගැස්මකට ලක්ව ගියේය.
ජිවිතයේ කවරදාකවත් නොවූ පාළු හුදකලාවක මා තනි උනෙමි.
` “උඹගේ ඔය මුරන්ඬුව කවදා හරි දවසක ලොකු වලකට ඇද දාලයි නවතින්නෙ.....”
ඉස්සර දවසක අම්මා ඔහොම කීවා මතකය. වලකට වඩා විසල් ප්රනපාතයකට මා ඇද වැටුනු නමුදු එදා මෙන් නොසැලෙන ස්ථීර වූ මගේ හිත තවමත් එතැනමය.
අර කහ පාට ලස්සන බළල් ඇස් දෙක ආයෙමත් මගේ ලඟට ඇවිත් මොනවදෝ අතින් ගෙන ඇය මට ලන්වුයේ කිසිදු ආගන්තුක බවක් නොමැතිවය. එවන් අතකින් පොවන්නේ නම් කසාය නොව වස වුවද කම් නැත. එක අතකින් මගේ හිස ඔසවා ගත් මේ පුංචි කෙල්ල කසාය කෝප්පය දෙතොලට ලන් කළාය. ඒ තිත්ත රසට වඩා මේ වේදනාව දරාගත හැකිය. යටි තොල් දත් පෙලින් හපා ගත් මා ඇය දෙස බැලුවෙමි. මදක් විවරවූ මුවඟින් පෙනෙන නොපෙනෙන ගානට පිට වූ ඒ හිනාවේ ලස්සන විස්තර කරන්නට සිංහල භාෂාවේ වදන් අමතක වුණි.
“ඔහොම හපන්න එපා......තොල් පෙත්ත කටේ තියේවි......”
ඒ හඬේ වූ වචනයක් වචනයක් පාසා තැවරී තිබූ හුරතලය නැගණිය පිළිබඳ මතකය අවදි කළේය. ඇය ජිවතුන් අතර නම් අද මැය වන් යුවතියකි. වේදනාවෙන් ගල් ගැසී සිර වී තිබූ හඬ අවදි කරන්නට මා වෙහෙසුනෙමි.
“මහත්තයට කතා කරන්න හොඳ නෑ .....”
ඇය එහෙම කියා මා නෙතු මානයෙන් දුරස් වුවාය.